29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදේශපාලනඥයින් තුට්ටුවකටවත් විශ්වාස කරන්න බෑ

දේශපාලනඥයින් තුට්ටුවකටවත් විශ්වාස කරන්න බෑ

දේශපාලනඥයින් තුට්ටුවකටවත් විශ්වාස කළ නොහැකි බවත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට ඡන්දය භාවිතා නොකරන ලෙස එදා විමල් වීරවංශ ඇතුළු පිරිසගෙන් තමන් ඉල්ලා සිටි බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

“ඇත්ත වශයෙන්ම මේ දේශපාලනඥයින් කියන ඒවා මම පිළිගන්නෙ නෑ. දේශපාලනඥයො වාසියට කතාකරන ජාතියක්. මේ 20 වැනි සංශෝධනය එනකොට අපි කිව්වා සාකච්ඡා කරලා විමල් වීරවංශ මහත්තුරුන්ටත් අපි කිව්වා මේකට අත උස්සන්න එපා කියලා. නමුත් අත ඉස්සුවා. වැරදිච්ච තැන තමයි දැන් ඇවිල්ලා කතා කරන්නෙ. ඒ නිසා දේශපාලනඥයෝ තුට්ටුවකටවත් විශ්වාස කරන්න බෑ කියන එකයි මම කියන්නෙ.”