― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරථවාහන අංක තහඩු මෙරට නිෂ්පාදනය ඇරඹේ

රථවාහන අංක තහඩු මෙරට නිෂ්පාදනය ඇරඹේ

රථ වාහන අංක තහඩු මෙරට ප්‍රථම වරට නිෂ්පාදනය කිරීම සඳහා කොළොන්නාවේ පිහිටි රජයේ කර්මාන්තශාලාව තීරණය කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් විදේශ විනිමය මෙරට ඉතිරි කර ගැනීම සඳහා ලබාදුන් උපදෙස් අනුව මෙම තීරණය ගෙන ඇත. ප්‍රථම වරට රථ වාහන අංක තහඩු දේශීයව නිෂ්පාදනය කිරීම සහ එතුළින් වාර්ෂිකව විදේශ රටවලට ඇදී යන අතිවිශාල මුදල් ප්‍රමාණය ඉතිරි කරගැනීමද මෙහි තවත් අරමුණක් වේ.

දැනට දේශීය පෞද්ගලික සමාගමක් හරහා ක්‍රියාත්මක වන වාහන අංක තහඩු කොටස් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුව 2024 වසරේ සිට අවසන් වීමට නියමිත අතර එතැන් සිට රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව විසින් මෙම වාහන අංක තහඩු කොටස් දේශීයව නිෂ්පාදනය කිරීමට නියමිතය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත හා සංඛ්‍යා ලේඛනවලට අනුව වසරකට වාහන ලක්ෂ 05ක් පමණ මෙරට ලියාපදිංචි කරන අතඑ අවම වශයෙන් වසරකට වාහන අංක තහඩු ලක්ෂ 10ක පමණ ඇනවුමක් විදෙස් රටවලට ලබාදෙනු ලබයි.