― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsලංකාවට අඛණ්ඩව සහය දෙනවා - සෞදි තානාපති

ලංකාවට අඛණ්ඩව සහය දෙනවා – සෞදි තානාපති

සෞදි තානාපති අබ්දුල්නසර් හුසේන් අල් හාර්ති සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක් අද (29) පෙරවරුවේ ජණාදිපති කර්යාලයේදී පවත්වා තිබේ.

එහිදී සෞදි තානාපතිවරයා ජ්නාධිපතිවරයාට පවසා ඇත්තේ ශ්‍රී ලංකාවට සෞදි සංවර්ධන අරමුදලේ සහය අඛණ්ඩව ලබා දෙන බවයි.

ධුර කාලය තුළදී හුසේන් අල් හාර්ති මහතා දැක්වූ සහය එහිදී ජනාධිපතිවරයාගේ පැසසුමට ලක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන සහ ශ්‍රී ලංකාවේ ඇති තවත් ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීම සඳහා සෞදි රාජ්‍යයේ ඉහළ පෙළේ දූත පිරිසක් නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවද හාර්ති මහතා එහිදී අවධාර්ණය කළේය.

ආයෝජන කලාප ආශ්‍රිතව විශේෂ බදු සහන රැසක් පවතින බවත් ඖෂධ, තාක්ෂණ සහ ඇඟලුම් කර්මාන්තය ආශ්‍රිත සෘජු ආයෝජන සඳහා ශ්‍රී ලංකාව තුළ පවතින පුළුල් අවස්ථා පිළිබඳව ද ජනාධිපතිවරයා එහිදී තානාපතිවරයා හමුවේ පෙන්වා දී ඇත.

මේ අතර කොළඹ වරාය නගරයේ සහ හම්බන්තොට ඉදි කිරීමට යෝජිත නැව් අලුත්වැඩියා සහ නිෂ්පාදන ආයතනය ආශ්‍රිතව ඇති ආයෝජන අවස්ථා සඳහා ජනාධිපතිවරයා සෞදි රජයට ආරාධනය කර ඇති අතර සෞදි සංවර්ධන අරමුදල යටතේ මෙරට යටිතල පහසුකම් සංවර්ධනයට දක්වන සහයටද ස්තුතිය පිරිනමා තිබේ.