29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලංකාව ලෝකයෙන්ම 06 වැනි තැනට පත්වෙයි

ලංකාව ලෝකයෙන්ම 06 වැනි තැනට පත්වෙයි

ශ්‍රී ලංකාව ලොව වාර්තාගත උද්ධමනයක් ඇති රටවල් අතරින් ශීඝ්‍රයෙන් ඉහළට යමින් සිටින බව ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත අනාවරණය කරයි.

එම විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන ස්ටීව් හැන්කි මහතාගේ නවතම උද්ධමන වගුවට අනුව ශ්‍රී ලංකාව ලොව වාර්තාගත උද්ධමනයක් ඇති රටවල් අතරින් 06 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත.

ස්ටීව් හැන්කි මහතාගේ උද්ධමන වගුවට අනුව 14.2% ක්ව තිබූ ශ්‍රී ලංකාවේ උද්ධමනය 55% දක්වා වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත. මහාචාර්ය ස්ටීව් මහතාට අනුව ශ්‍රී ලංකාව තුළ 1884 සිට 1950 දක්වා ක්‍රියාත්මක මුදල් මණ්ඩලයක් ක්‍රියාත්මක කිරීම තුළින් ශ්‍රී ලංකාවේ තිබෙන ඉහළ උද්ධමනයට කදිම විසඳුමක් සොයාගත හැකි බව ස්ටීව් හැන්කි මහතා පෙන්වා දෙයි.

විශේෂ කාරණය නම් මීට පෙර මහාචාර්ය හැන්කි මහතාගේ උද්ධමන වගුවට ශ්‍රී ලංකාව ඇතුළත් වී නොතිබීම සහ මෙවර එම උද්ධමන වගුවට ශ්‍රී ලංකාව හයවෙනි ස්ථානය දක්වා ඉහළ ගොස් ඇතුළත් වී තිබීමයි.