― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsවසර අවසානයේදී ඩොලරය රුපියල් 450ට යනවා

වසර අවසානයේදී ඩොලරය රුපියල් 450ට යනවා

ආණ්ඩුව ගැටලු මත ගැටලු නිර්මාණය කරමින් ගැටලු විසඳන්නට කටයුතු කරමින් ඉන්නා බවත් නිසි පරිදි ආර්ථීකය කළමනාකරණය නොකිරීම හේතුවෙන් මේ වසර අවසානයේදී ඇමරිකානු ඩොලරය රුපියල් 450ට ආසන්න වීම කාට හෝ වැළැක්විය නොහැකි බවත් ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පැවැසීය.

පවත්නා තත්ත්වය කළමනාකරණය කළ යුතු ආකාරය පිළිබඳ මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින් මෙත්සිල මහතා මේ බව ප්‍රකාශ කළේය. එහිදී අදහස් දකවමින් ඒ මහතා මෙසේද පැවසීය.

“අපි පුරෝකතනය කළේ ඩොලරය දෙසැම්බර් මාසයේදී පමණ 300ට යයි කියලා වුණත් දෙසතියකින් එම තත්ත්වය උදාවෙලා. අපි ආහාර සහ බොහෝ දේ ආනයනය කරන රටක්. රජය ආනයන සීමා කර තිබුණද දළ වශයෙන් ඩොලර් බිලියන 22ක ආනයන සිදුකරනවා. එහෙම බලද්දි ඩොලරය 203 සිට 300 දක්වා වැඩිවීමෙන් අමතරව රුපියල් දෙකෝටි විසි ලක්‍ෂයක් වියදම් කරන්න වෙලා තියනවා. ඒ මුදල ගෙවන්නෙත් පාරිභෝගිකයා. මේ වනවිටත් අපේ උද්දමනය ආසියාවේ වැඩිම උද්දමනය ලෙසින් වාර්තාගතව සියයට 17ක් ඉක්මවමින් ඉන්නේ.”