26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිල් ස්මිත්ට එරෙහිව පරීක්ෂණයක්

විල් ස්මිත්ට එරෙහිව පරීක්ෂණයක්

ඔස්කාර් සම්මාන උළෙලේ නිවේදකයෙකුට පහරදීම සම්බන්ධයෙන් සුප්‍රසිද්ධ නළු විල් ස්මිත්ට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමට සංවිධායකයින් තීරණය කර තිබේ.

ඔහුගේ එම ක්‍රියාව කිසිසේත් අනුමත කළ නොහැකි බව ඔවුන් පවසයි. විල් ස්මිත්ගේ බිරිඳ වන ජඩා ස්මිත්ගේ හිසකෙස් නොමැතිකම උපහාසයට ලක් කරමින් ක්‍රිස් රොක් ආමන්ත්‍රණය කිරීම හේතුවෙන් මෙම පහරදීම සිදුවිය.

නිවේදක ක්‍රිස් රොක්ගේ ක්‍රියාව අනුමත නොකරන නමුත් වේදිකාව තුළ ප්‍රචණ්ඩත්වය අනුමත නොකරන බව සංවිධායකයින් පවසයි. කෙසේ වෙතත් සිදුවීම සම්බන්ධයෙන් විල් ස්මිත්, ක්‍රිස් රොක්ගෙන් සමාව අයැද සිටියේය.

ඔහු සඳහන් කළේ තමාගේ හැසිරීම කිසිසේත් නොගැලපෙන සහ සමාව ලබාදිය නොහැකි තරම් වරදක් බවයි. මෙම සිදුවීමෙන් සුළු මොහොතකට පසු විල් ස්මිත් කිං රිචඩ් චිත්‍රපටයේ ඔහුගේ රඟපෑම වෙනුවෙන් ප්‍රථම වරට ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබීය.