26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෛද්‍ය උපකරණවලට මිලක් නියම කරමින් අති විශේෂ ගැසට් එකක්

වෛද්‍ය උපකරණවලට මිලක් නියම කරමින් අති විශේෂ ගැසට් එකක්

අක්ෂි කාච, ස්ටෙන්ට්ස්, රුධිර ග්ලූකෝස් මාපක, ඒ සඳහා භාවිත කරන තීරු සහ පල්ස් ඔක්සිමීටර් හෙවත් රුධිර පීඩන සඳහා සංශෝධිත උපරිම සිල්ලර මිලක් නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ අත්සනින් යුතුව ඊයේ (28) නිකුත් කර තිබේ.

අදාළ ගැසට් නිවේදනය ප්‍රකාරව යම් වෙළෙඳ නාමයකින් හෝ අනුමත නාමයකින් හෝ විස්තර කර ඇති මෙහි උපලේඛනයේ 03 වැනි තීරයේ අනුරූපී සටහනේ නිශ්චිතව දක්වා ඇති යම් නිෂ්පාදකයෙකු විසින් නිෂ්පාදනය කර ඇති උපලේඛනගත වෛද්‍ය උපකරණ යනුවෙන් සඳහන් කරනු ලබන මෙහි උපලේඛනයේ 2 වැනි තීරයේ නිශ්චිතව දක්වා ඇති වෙළෙඳ නාමයෙන් හෝ අනුමත නාමයෙන් වන වෛද්‍ය උපකරණවල උපරිම සිල්ලර මිල මෙහි උපලේඛනයේ 04 වැනි තීරයේ අනුරූපී සටහනේ නිශ්චිතව දක්වා ඇති පරිදි විය යුතු බවයි ගැසට් නිවේදනයේ දැක්වෙයි.