28.4 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසාම සාකච්ඡා අතර බිලියනපතියෙකුට විෂ ශරීරගත වෙයි

සාම සාකච්ඡා අතර බිලියනපතියෙකුට විෂ ශරීරගත වෙයි

යුක්‍රේනය හා රුසියාව අතර පළමු වටයේ සාම සාකච්ජා සඳහා සහභාගී වූ රුසියානු බිලියනපතියෙකු වන රොමාන් අබ්‍රමොවිච්ට කිසියම් විෂක් ශරීරගත වී ඇති බවට සැක පළවී තිබේ.

ඔහුට සාම සාකච්ජා අතරතුර මෙම විෂ ශරීරගත වන්නට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහු පසුගිය මාසයේ බෙලරුස් – යුක්‍රේන දේශසීමා ප්‍රදේශයේ පැවති සාකච්ඡාවලට සහභාගී විය. ඔහු සමඟ සිටි යුක්‍රේන සාම සාධක නියෝජිතයන් දෙදෙනෙකුටද විෂ ශරීරගත වීමක් සිදුව ඇති බව වාර්තා වෙයි.

ඔවුන්ගේ ඇස්වල දැවිල්ලක් හා හඳුනා නොගත් චර්ම ආසාදනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රොමාන් අබ්‍රමොවිච් සුප්‍රසිද්ධ චෙල්සි පාපන්දු කණ්ඩායමේ හිමිකරුද වෙයි.

රුසියාව හා යුක්‍රේනය අතර දෙවැනි වටයේ සාම සාකච්ජා අද (29) පැවැත්වීමට නියමිතය.