― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSocialඅප්‍රේල් 3 ඉරිදා, හවස 3 ට මුලු රටම පාරට බහිනවා? රට...

අප්‍රේල් 3 ඉරිදා, හවස 3 ට මුලු රටම පාරට බහිනවා? රට පුරාම යන රැල්ල මෙන්න

මේ වෙද්දි රටේ පැය දහයක විදුලි කප්පාදුවක් සිදුවෙනවා.
අද ඉවරයි හෙට ඉවරයි කියලා මැති ඇමතිවරු කිව්වත් ඉන්ධන ගැටලුවත් තවම විසඳිලා නෑ..
දිලුම් අමුණුගම ඇමතිවරයා පැවසුවේ ලබන 5 වැනිදා තෙක් ඉන්ධන නොමැති බවයි.
කොහොම වුණත් රට වටේම උද්ඝෝෂණද පැවැත්වෙනවා.
සමාජ මාධ්‍ය හරහා මේ වනවිට යම් පුවතක් පැතිර යමින් තිබෙනවා.
ඒ අප්‍රේල් 3 ඉරිදා සවස 3 ට මුලු රටම පාරට බහිනවා යනුවෙන් සටහනක් සමාජ මාධ්‍ය හා වට්ස්අප් හරහා හුවමාරු වෙමින් තිබෙනවා.
එම සටහන පහතින්…

දේශපාලනෙන් වැඩක් නෑ. මේ පාලනය ව්‍යවස්තානුකූලව වෙනස් වෙන්න තව සෑහෙන්න කල් තියනවා. ඒ වෙනකන් මේ විදිහට ගියොත් අපිට රටක් ඉතිරි වෙන්නෙ නෑ.
වෙන කරන්න දෙයක් නෑ. අප්‍රේල් 3, හවස 3 ට, රටම පාරට බහිනවා.
මේ වැඩේ සංවිධානය කරන්නෙ ඔබ සහ මම. අපි හැමෝටම පුද්ගලික දේශපාලන මතයක් තියෙන්න පුලුවන්. ඒක ඒ විදිහටම තියාගමු. ඒත් මේ වෙලාවෙ අපිට තියෙන්නෙ ජීවිතය ගැන ප්‍රශ්නයක්. අපි වෙනුවෙන්, අපේ රට වෙනුවෙන් අපේ අනාගතේ වෙනුවෙන් පාරට බහිමු

අපි හදලා තියනවා whatsapp group කීපයක් ගොඩක් නගර වලට. තමන්ට අදාල නගරයට අදාල group එකට join වෙන්න මේ link එකට යන්න. ඒවාගෙන් කතා වෙන්න තමන්ගෙ නගරයේ තමන් එකතු වෙන්නෙ මොන ස්ථානයට කියන එක.

  • හැමෝම පෝස්‍ටර් එකක් අරන් එන්න. තමන් ලියාගත්ත එකක්.
  • ඒ කිසිම පෝස්ටර් එකක දේශපාලන පක්ෂයක නමක් සඳහන් කරන්න එපා. මේක දේශපාලන පක්ශෙකින් කරන වැඩක් නෙමෙයි.
  • දන්න හැමෝම එක්කගන එන්න.
  • දරුවන්වත් එක්කගන එන්න. තමන්ගෙ අයිතීන් වෙනුවෙන්, වරදි දේට එරෙහි වෙන්න තමන්ගෙ දරුවන්ට කියා දෙන්න. ඒ වෙනුවෙන් කොන්දක් ඇති කර ගන්න දරුවන්ට කියා දෙන්න. අරගලයක් යනු වැරැද්දක් නොවන වග කියා දෙන්න.
  • මේ group වලට කඩාකප්පල්කාරීන් එකතු වෙයි. ඒ කිසිම දේකට සැලෙන්න එපා.
  • මොනා වුනත් අප්‍රේල් 3, හවස 3 ට මිනිස්සු පාරට බහිනවා.

මිනිස්සු පාරට බහිනවට ආණ්ඩු බයයි. අපිට මේක විහිලුවක් වෙන තාක් කල් උන් මේක ගණන් ගන්නෙ නෑ. හොඳට මතක තියා ගන්න, අප්‍රේල් 3, හවස 3 ට.

“යුගයක ඛේදවාචකය අයහපත් මිනිසුන්ගේ අයහපත් ක්‍රියා නොව, යහපත් මිනිසුන්ගේ නිහඬතාවයයි”