― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඉන්ධන බදු කපා හැර ජනතාවට සහන සැලසීමට තීරණයක්

ඉන්ධන බදු කපා හැර ජනතාවට සහන සැලසීමට තීරණයක්

ඉහළ යන ජීවන වියදම හමුවේ ඉන්ධන බදු කපා හැර සාමාන්‍ය ජනතාවට සහන සැලසීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ.

එරට පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කළ 2022-23 වසර සඳහා වන අයවැය ලේඛනයට අනුව මෙතෙක් ඉන්ධන ලීටරයක් මත පනවා තිබූ සත 44ක බද්ද සත 22කින් එනම් ශ්‍රී ලංකා මුදලින් ලීටරයකට රුපියල් 48කින් පමණ අඩු කිරීමට පියවර ගෙන ඇත.

මේ අනුව වාහන 02 ක් සහිත පවුලකට මාස 06 ක කාලයක් සඳහා ඩොලර් 700 ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 154,000 ක පමණ සහනයක් හිමිවනු ඇති බව තක්සේරු කර තිබේ.

ගෝලීය ඉන්ධන අර්බුදයක් පැවතියද මහජනතාවට සහන සැලසිය යුතු බවට වන ස්ථාවරයේ හිඳිමින් රජයේ ආදායම අහිමි කරගනිමින් වුවද මෙම තීරණය ගත් බව ඔස්ට්‍රේලියානු රජය නිවේදනය කරයි.

ඔස්ට්‍රේලියා රජය මාර්ග සංවර්ධන කටයුතු සිදුකරනු ලැබුවේ ඉන්ධන මත පනවා ඇති බද්දෙන් ලැබෙන ආදායමෙන් වන අතර කෙසේවෙතත් පවතින තත්වය හමුවේ මාර්ග සංවර්ධනයට වඩා ජනතාවට ඉන්ධන සහනයක් ලබාදීම අත්‍යවශ්‍ය බව ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ.