29 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඖෂධ ගන්න ලෝක බැංකුවේ සහය පතයි

ඖෂධ ගන්න ලෝක බැංකුවේ සහය පතයි

ඖෂධ අඛණ්ඩව ලබා ගැනීම සඳහා සහය ලබා දෙන ලෙස ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍යාංශය ලෝක බැංකුවෙන් ඉල්ලීමක් කර තිබේ.

රටේ පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය ඖෂධ අඛණ්ඩව සැපයීම අරමුණු කරගනිමින් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන විසින් මෙම ඉල්ලීම කර තිබේ.

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය පිළිබඳ අධ්‍යක්ෂ ලිනේ ෂර්බන් බෙන්ස් (Lynne Sherburne Benz) මහත්මිය ඇතුළු විශේෂ නියෝජිත කණ්ඩායමක් ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේදී රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මුණගැසුණු අවස්ථාවේදී මෙම ඉල්ලීම සිදුකර ඇත.

මේ අතර ෆයිසර් එන්නත ලබා ගැනීමේ දී ලෝක බැංකුව ශ්‍රී ලංකාව වෙත ලබා දුන් මූල්‍යාධාරය වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා කලාපීය අධ්‍යක්ෂකවරිය වෙත මෙහිදී විශේෂයෙන් ස්තුති කර තිබේ.