― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsකාලගුණයෙන් ජලය බෙදා හැරීමටත් බාධා

කාලගුණයෙන් ජලය බෙදා හැරීමටත් බාධා

පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් ජල මූලාශ්‍රවල ජල මට්ටම පහළ බැසීම ඊට හේතු වී තිබේ. පානීය ජල සැපයුම සීමාසහිත වුවද එය සැමට සමසේ බෙදා හැරිය යුතු බැවින් ජලය අත්‍යවශ්‍ය දෛනික කටයුතුවලට පමණක් භාවිත කරන ලෙස ජලසම්පාදන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙවැනි තත්වයකදී උස්බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයන් වෙත ජලය බෙදා හැරීමේදී අඩු පීඩන තත්වයක් ඇති විය හැකි බවත් වරින් වර සිදුවන විදුලි විසන්ධිවීම් නිසා අඛණ්ඩ ජල සැපයුමකට බාධා එල්ල වන බවත් මණ්ඩලය වැඩිදුරටත් අවධාරණය කරයි.

ජල සැපයුම සම්බන්ධයෙන් වැඩිදුර විස්තර 1939 යන දුරකතන අංකයෙන් විමසිය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි.