25 C
Colombo
Wednesday, November 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනතාව පෝළිමේ දුක්විඳීම ගැන මට දුකයි

ජනතාව පෝළිමේ දුක්විඳීම ගැන මට දුකයි

ජනතාව පෝලිම්වල සිටීම තමාට දුකක් ගෙනෙන කාරණයක් බවත් කළ යුත්තේ ඉල්ලා අස්වීම නොව ප්‍රශ්නවලට විසඳුම් සෙවීම බවත් වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්‍ෂ පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (29) කොළඹ පැවති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

තෙල් සහ ගෑස් පෝලිම්ල සිටින ජනතාව ආණ්ඩුවට තදින් ‍දොස් පැවරීම පිළිබඳව තමා ඉතා හොඳින් දැනුවත් නමුත් රජයෙන් ඒ සඳහා ලබා දෙන උත්තර ප්‍රමාණවත් නොවන බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

තමන්ට තවමත් ගමට යාමේ හැකියාව ඇති නමුත් ජනතාව පෝලිම්වල සිටීම දුක් ගෙන දෙන්නක් බව පැවසූ චමල් රාජපක්ෂ කියා සිටියේ මේ වන විට රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ඉල්ලා අස්වීම කිසිදු ඵලක් නොමැති බවත් කළ යුත්තේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම බවත්ය.