27.2 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහබැංකු අධිපති ලෙස පාහියංගල ආනන්ද සාගර හිමි දිවුරුම් දෙයි?

මහබැංකු අධිපති ලෙස පාහියංගල ආනන්ද සාගර හිමි දිවුරුම් දෙයි?

මහ බැංකුවේ අධිපති ලෙස දිවුරුම් දීම සඳහා පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ ඇතුළු පිරිසක් අද (30) මහ බැංකු පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ දරා ඇත.

පොලිසිය හා මහ බැංකුවේ ආරක්ෂක අංශ එක්වී ඔවුන් වළක්වා ඇති බව වාර්තා වෙයි.

එහිදී පාහියන්ගල හිමියන්, පොලිසිය හා ආරක්ෂක අංශ සමඟ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ. පාහියංගල හිමියන් ආරක්ෂක අංශ වෙත කියා සිටියේ තමා මහ බැංකු අධිපති හැටියට දිවුරුම් දීමට පැමිණ සිටින බවයි.

පසුව එම ස්ථානයට ඇතුළුවීමට උත්සාහ දැරූ පාහියන්ගල හිමියන් ඇතුළු පිරිස වෙනත් ගිවිසුමකින් මහ බැංකුව තුළට යාමට උත්සාහ දරා ඇති අතර එහිදී ආරක්ෂක අංශ විසින් පාහියංගල හිමියන්ට පමණක් මහ බැංකුවේ උසස් නිලධාරියකු හමුවී රැගෙන ආ ලිපිය බාර දීමට බාර දීමට අවස්ථාව ලබා දුන්නේය.

එම ලිපිය බාරදී පැමිණීමෙන් දීමෙන් අනතුරුව පාහියන්ගල ආනන්ද සාගර හිමියන් හිමියන් මාධ්‍ය වෙත අදහස් දැක්වීය.