හෙට අනිද්දාට ඉන්ධන නැතිවෙයි, ආහාර නැතිවෙයි කියලා බොරු බියක් ඇති කරගත යුතු නැති බවත් මෙය රටේ දේශපාලනය විතරක් කරන වේලාවක් නොවන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ශ පැවසීය.
අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (30) කුරුණෑගල කොබෙයිගනේ මහවැව, මීගස්වැව ප්‍රතිසංස්කරණ කටයුතු අරඹමිනි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ‘සෞභාග්‍යෙය් දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ එම වැඩසටහන ක්‍රියාත්මකය.
ඒ අනුව කුරුණෑගල කොබෙයිගනේ මහවැව, මීගස්වැව ප්‍රතිසංස්කරණ කටයුතු අද ආරම්භ කෙරුණු අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ ඊට එක්විය.
“අපි දන්නවා අද දුෂ්කරතා රැසකට ජනතාව මුහුණදෙනවා. සමහරු හිතන් ඉන්නවා අපි මේවා දන්නේ නෑ කියලා. නොදන්නවා වගේ ඉන්නවාද කියලත් අහනවා. ඒ නිසා තමයි අපි මේ වේලාවේ සර්ව පාක්ෂික සමුළුවක් පසුගිය දවසක කැඳවලා හැමෝගේම අදහස් අරගෙන මෙයින් ගොඩ එන විදියේ වේදිකායක් නිර්මාණය කරන්න අපි කටයුතු කළේ. කොවිඩ් වසංගතය අපි හිතලා නිර්මාණය කරපු එකක් නෙමෙයි. සමහරු ඒකත් අපි කරා කියලා ජනතාව උසිගන්වන්න හදනවා. අපි සුදානම් හැමවේලාවේ ම විරුද්ධ පක්ෂයේ වුණත් හොඳ ප්‍රායෝගික අදහස් අරන් ඉදිරියට යන්න.
රටේ දේශපාලනය විතරක් කරන වේලාවක් නෙමෙයි මේක. මේ වෙලාවේ හැමෝම රට ගැන හිතලා වැඩ කළ යුතු වෙලාවක් කියලයි මං විශ්වාස කරන්නේ. මේ නිසා සර්ව පාක්ෂික සමුළුවට නාපු අයටත් ඊළඟ වතාවේ එක්වන්නැයි කියලා අපි ආරාධනා කරනවා. අවුරුදු සමය ළඟ ළඟ එනවා, හෙට අනිද්දාට ඉන්ධන නැතිවෙයි. ආහාර නැතිවෙයි කියලා බොරු බියක් ඇති කරගන්න ඕනේ නෑ.”