25.6 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතෙල් ප්‍රශ්නය ඉවරයි.. ටිකිරි මොළෙන් රජය දීපු විසඳුම මෙන්න

තෙල් ප්‍රශ්නය ඉවරයි.. ටිකිරි මොළෙන් රජය දීපු විසඳුම මෙන්න

ඉන්ධන ගැටලුව තවමත් විසදී නැති අතර ඉන්ධන පිරවුම්හල් අසල දැඩි පෝලිම්ද දක්නට ලැබෙනවා.
අප වාර්තාකරුවන් වාර්තා කරන්නේ පොලිසිය මගින් අදාල පෝලීම්වල සිටින පිරිස් සියලු දෙනාම ඉවත් කිරීමට ස්ථාන කිහිපයකම කටයුතු කර ඇති බවයි.
එම ස්ථානවලදී බොහෝ පිරිසක් අදහස් දක්වමින් පවසන්නේ දැන් තෙල් පෝලිම් නැහැ, තෙල් ගැටලුව විසදී ඇති බව පෙන්වීමට රජය විසින් පොලිස් නිලධාරීන්ට ඉන්ධන පිරවුම්හල් අසල රැදී සිටින අයව ඉවත් කිරීමට නියෝග දී ඇති බවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන්ද විමසීමක් කළා.
එහිදී මාධ්‍ය ප්‍රකාශක කාර්යාල නිලධාරියෙකු පැවසුවේ එලෙස කිසිම පොලිස් ස්ථානයකට නියෝගයක් දී ඇත්ද යන්න ඔවුන් නොදැනුවත් බවයි.
එසේනම් ඉන්ධන පැමිණෙන තෙක් තම ව්‍යාපාරය හෝ රැකියාව කරගෙන යාමට ඉන්ධන පිරවුම්හල අසල සිටීම වරදක්ද..?