මෙම වසරට අදාළ උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේදීම පැවැත්වීම සඳහා කටයුතු ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.
2021 වසරට අදාළව පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලද ළගදීම නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඔහු අවධාරණය කළේය.
මේ අතර ඌව වෙල්ළස්ස විශ්වවිද්‍යාලය සඳහා මෙම වසර තුළදී වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීමටද රජය තීරණය කර තිබේ.