29.5 C
Colombo
Wednesday, July 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංවිමේ පඩි ගෙවීමත් කොට උඩ

ලංවිමේ පඩි ගෙවීමත් කොට උඩ

රටේ පවතින ආර්ථික අර්බුදය නිසා සහ විදුලිබල මණ්ඩලය පාඩු ලැබීම නිසා විදුලිබල මණ්ඩලයට ලබාදෙන මූල්‍ය පහසුකම් බැංකුවලින් අත්හිටුවා ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම තත්ත්වය මත ලංකා විදුලි බල මණ්ඩල සේවකයන්ගේ මාර්තු මස වැටුප ගෙවනු ලැබුවේද ඉතා අපහසුතාවයෙන් බව ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරි ඩී.සී.ආර්. අබේසේකර මණ්ඩලයේ සියලුම අංශ ප්‍රධානීන්ට පෙරේදා (29) දැනුම් දී ඇත.

නැවත අප්‍රේල් මුල් සතිය ඇතුළත මාසික වැටුප් ගෙවීමට ඇති බැවින් ගෙවීම් කළමනාකරණයක් සිදුකරන ලෙස සාමාන්‍යාධිකාරිවරයා දැනුම් දී තිබේ. මේ අතර වැටුප් ගෙවීමට අමතරව ඉදිරි සති කිහිපයේ ගල් අඟුරු සඳහාද රුපියල් බිලියන 32ක මුදලක් ගෙවීමට ඇත. මේ නිසා ලංකා විදුලිබල මණ්ඩලයේ එක් අංශයකට ඊයේ (30) සිට දිනකට රුපියල් මිලියන පහළොවක උපරිමයක් සඳහා චෙක්පත් නිකුත් කළ යුතු වෙයි. විදුලි පාරි​භෝගිකයන්ගෙන් රුපියල් බිලියන 38ක මුදලක් ලංකා විදුලිබල මණ්ඩලයට අය විය යුතුව තිබේ. අවම වශයෙන් ඒ මුදලින් අඩක් හෝ අය කර ගැනීමට පියවර ගන්නා ලෙසද සාමාන්‍යාධිකාරිවරයා දැනුම් දී තිබේ.

මේ ආකාරයට ගෙවීම් හා වියදම් කළමනාකරණය කර ගත හැකි කරුණු දහසයක්ද සාමාන්‍යාධිකාරිවරයා අංශ ප්‍රධානීන්ට පෙන්වා දී ඇත.