26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවනිඳු නිසා බැංගලෝර්ට සුපිරි ජයක්

වනිඳු නිසා බැංගලෝර්ට සුපිරි ජයක්

2022 IPL තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් කඩුලු 03 ක ජයක් හිමිකර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 05 කදී සියල්ලන් දැවී ලබාගත්තේ ළකුණු 128 ක් පමණයි.

ඔන්ඩ්‍රි රසල් ළකුණු 25 ක් රැස්කලා.

තරගයේ වීරයා වූ වනිඳු හසරංග ළකුණු 20 කට කඩුලු 04 ක් බිඳහෙලුවා.

ආකාෂ් දීප් කඩුලු 03 යි.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කල බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 02 කදී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත්වුණා.

ෂර්ෆේන් රදර්ෆර්ඩ් 28 ක්ද ෂබාස් අහමඩ් 27 ක්ද ලබාගත්තා.

අයි පී එල් තරගාවලියේ ලක්නව් සුපර් ජයන්ට්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර තරගය අද රාත්‍රී 07 යි 30 ට ආරම්භ වනවා.