32 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි කැපිල්ලෙන් තේ කර්මාන්තශාලාත් නවතියි

විදුලි කැපිල්ලෙන් තේ කර්මාන්තශාලාත් නවතියි

ඩීසල් හිඟය හමුවේ තේ කර්මාන්තශාලා රැසක මෙහෙයුම් කටයුතු මේ වනවිට තාවකාලිකව නවතා තිබේ.

විදුලිය නොමැති අවස්ථාවල විදුලි ජනන යන්ත්‍ර මගින් කර්මාන්තශාලා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණද ඩීසල් නොමැති වීම හේතුවෙන් දැඩි ගැටලු පැන නැගී ඇති බව වතු අධිකාරීවරුන් පවසයි.

සාමාන්‍යයෙන් දළු අස්වැන්න කර්මාන්ත ශාලාවල ඇඹරුම් යන්ත්‍රවලට දැමූ පසු ඒවා එක්වර ඇඹරිය යුතු වන අතර දිගු පැය ගණනක් විදුලිය විසන්ධි කිරීම හේතුවත්, ඩීසල් හිඟයත් හේතුවෙන් මෙම ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කිරීමට බාධා මතුව තිබේ.

වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ ප්‍රකාශ කළේ ඛනිජ තෙල් සංස්ථාව සමඟ සාකච්ඡා කර විශේෂ ක්‍රමවේදයක් යටතේ තේ කර්මාන්තකරුවන්ට අවශ්‍ය ඉන්ධන ලබාදීමට කටයුතු කරන බවයි.