32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNews02 වැනිදා සිට විදුලි කප්පාදුවේ අඩුවීමක්

02 වැනිදා සිට විදුලි කප්පාදුවේ අඩුවීමක්

එළැඹෙන අප්‍රේල් 02 වැනිදා මෙරටට හිමි වීමට නියමිත ඩීසල් රැගත් නෞකාවෙන් ඛනිජ තෙල් සංස්ථාව හරහා ලංකා විදුලිබල මණ්ඩලයට ඩීසල් තොගයක් හිමිවීමට නියමිත බව විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩෝ පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (31) ජනාධිපති මාධ්‍ය ඒකකයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එම ඩීසල් තොගය ස්ථිර වශයෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයට හිමි වන බව එම මාධ්‍ය හමුවට සහභාගී වූ විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිද තහවුරු කළ අතර ඒ අනුව මේ වන විට දිවයින පුරා සිදු කෙරෙන විදුලි කප්පාදුව 02 වැනිදා සිට පැය 04කට අවම කර ගත හැකි වන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

රටේ පවතින විදුලි ඉල්ලුම ඉෂ්ට කර ගත නොහැකි මට්ටමක විදුලි බලාගාරවල ජනනය අඩු මට්ටමක පැවතීම නිසා රට පුරා දීර්ඝ කාලයක් විදුලිය කප්පාදු කිරීමට සිදු වී ඇති බවත් ඔහු සඳහන් කළේය.