මහත් ආන්දෝලනයට තුඩු දුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව මාර්තු 25 වැනිදා ප්‍රසිද්ධ කරනු ලැබීය.
ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන ගැටලු විසඳාගැනීම සඳහා නිර්දේශ පහක් ඔවුන් විසින් ඉදිරිපත් කර ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හතරවන වගන්තියට අදාළ මෙම වාර්තාව උපදේශන වාර්තාවක් ලෙස සැලකේ.
#සැලකිය යුතු ආදායමක් මත පදනම් වූ මූල්‍ය ඒකාග්‍රතාව ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමු කළ යුතු ය. වැට් බදු සහ ආදායම් බදු ශක්තිමත් කිරීම, බදු අනුපාත වැඩි කිරීම, සහ බදු පදනම් පුළුල් කිරීම හරහා පියවර ගත යුතු ය. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායයන්ගෙන් මූල්‍ය අවදානම් අවම කිරීම උදෙසා රාජ්‍ය මූල්‍ය ගැලපීම සමග බලශක්ති මිලකරණ ප්‍රතිසංස්කරණ ද සිදු කළ යුතු ය.
#ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පුළුල් උපාය මාර්ගයක් සංවර්ධනය කිරීම සිදු කළ යුතු ය.
#උද්ධමන ඉලක්කයන්හි මෑතකාලීන කඩවීම තාවකාලික බව සහතික කිරීම සඳහා මෑතකාලීන මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීම – ශ්‍රී ලංකා මහ බැංකුවේ විශාල භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් ඉවත් කිරීම (මුදල් අච්චුගැසිම නතරකිරිම) සඳහා මෑතකාලීන පියවර මුදල් අමාත්‍යාංශය සමග සමීප සම්බන්ධීකරණයක් තුළින් ඉදිරියට ගෙන යා යුතු ය.
#ක්‍රමානුකූලව වෙළඳපළ තීරණය කරන ලද සහ නම්‍යශීලී විනිමය අනුපාතයක් ප්‍රතිෂ්ඨාපනය කිරීම – විනිමය අනුපාතිකයේ අක්‍රමික චලනයන් වලක්වා ගැනීම සඳහා සංක්‍රාන්තිය පරිස්සමින් අනුපිළිවෙලට සකස් කර, විස්තීරණ සාර්ව ආර්ථික ගැලපුම් පැකේජයක කොටසක් ලෙස ක්‍රියාත්මක කළ යුතු ය.
#අවදානමට ලක්විය හැකි කණ්ඩායම් මත සාර්ව ආර්ථික ගැලපුම්වල අහිතකර බලපෑම් අවම කිරීම සඳහා වියදම් වැඩි කිරීම, ආවරණය පුළුල් කිරීම, සහ ඉලක්ක වැඩිදියුණු කිරීම මඟින් සමාජ ආරක්ෂණ දැල් ශක්තිමත් කළ යුතු ය (පවතින සමෘද්ධිය සමාජ ආරක්ෂණ ක්‍රමය විධිමත්ව අත්‍යාවශ්‍ය ජනතාවට පමණක් ලබාදීම)