26.1 C
Colombo
Thursday, August 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅත්අඩංගුවට ගත් විරෝධතාකරුවන්ට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පවරන්න බෑ

අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන්ට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පවරන්න බෑ

මිරිහාන ප්‍රදේශයේදී ඊයේ (31) විරෝධතාවයේ නිරත වූ පුද්ගලයින්ට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරිය නොහැකි බව මානව හිමිකම් කොමිසම පවසයි.

මිරිහාන ජනාධිපති නිවස ආසන්නයේ විරෝධතාවයේ නිරත වූ පුද්ගලයින් 54 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (01) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නියෝජිතයින් පිරිසක් අද පෙරවරුවේ මිරිහාන පොලිස් ස්ථානය වෙත පැමිණ තිබේ.

එහ්දී ඔවුන් අවධාරණය කර ඇත්තේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් සාමාන්‍ය නීතිය යටතේ මිස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කටයුතු කළ නොහැකි බවයි.