― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsBusinessආහාර උද්ධමනය 30% ඉක්මවයි

ආහාර උද්ධමනය 30% ඉක්මවයි

2022 මාර්තු මාසයේ වාර්ෂික උද්ධමන අගය 18.7%ක් බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවේ දැක්වෙයි.

ඒ අනුව මෙරට ආහාර උද්ධමනය 30.2%ක්ද ආහාර නොවන උද්ධමනය 13.4%ක්ද වශයෙන් දැක්වෙයි. මෙම අගයන් 2022 පෙබරවාරි මාසයේදී 25.7%ක් හා 10.1%ක් වශයෙන් දැක්විණි.

කොළඹ දිස්ත්‍රික්කය හා ඒ අවට නාගරික ප්‍රදේශවල ජනතාව විසින් මිලදී ගන්නා භාණ්ඩ හා සේවාවන්හි මිල ගණන් වෙනස්වීම් පිළිඳව අධ්‍යයනය කිරීම සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සකසා ඇත.