27.8 C
Colombo
Wednesday, August 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඊයේ පැවති විරෝධතාවයේදී 45ක් අත්අඩංගුවට

ඊයේ පැවති විරෝධතාවයේදී 45ක් අත්අඩංගුවට

මිරිහාන, පැඟිරිවත්ත මාවත ආසන්නයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවසට ඇතුළු වන ප්‍රවේශ මාර්ගය අවහිර කරමින් ඊයේ (31) රාත්‍යේරී දැඩි විරෝධතාවක් පැවැත්වුනි.

එහිදී තත්ත්වය පාලනය කිරිම සඳහා පොලිසිය විසින් ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ගැටුම්කාරී තත්වයක් හටගෙන තිබුණි.

එහිදී කාන්තාවක් ඇතුළු 45 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ විරෝධතාවය අතරතුර පොලිස් බස් රථයක්, ජීප් රථයක් ඇතුළු පොලිස් රථවාහන හා යුද හමුදා බස් රථයක් ගිනි තබා ඇති බවද වාර්තා වෙයි.

මෙම කලහකාරී සිද්ධියේදී සහකාර පොලිස් අධිකාරීවරයෙක් සහ නිලධාරීන් 5 දෙනෙක් රෝහල්ගතකර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.