― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalජනාධිපතිවරයා බලයට එද්දි තිබ්බ සතුට අපිට දැන් නෑ

ජනාධිපතිවරයා බලයට එද්දි තිබ්බ සතුට අපිට දැන් නෑ

ගෝඨාභය රාජපක්ෂ බලයට එනවිට හැමෝටම තිබූ සතුට අද වනවිට නැත්තටම නැති වී ගොස් ඇති බවත් ජනාධිපතිවරයා ඉදිරියේදීත් ඔහු වටා සිටින කේවට්ටයින්ගේ උපදෙස් පතන්නේ නම් තමාටත් ඉක්මනින් වෙනතක් බලා ගැනීමට සිදුවනු ඇති බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.

ඉන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඊයේ (31) නාරාහේන්පිට අභයාරාමයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී වැෆ්ඩිදුරටත් අදහස් දක්වූ උන්වහන්සේ මෙසේද පැවසූහ.

“ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට එනකොට අපි හැමදෙනාටම තිබුණු සතුට අද ඇත්තේම නෑ. අපි දැක්කෙ නෑ කවදාවත් මේ වගේ පෝලිම් යුගයක්. පක්ෂ – විපක්ෂ හැම කෙනාගෙන අප්‍රසාදය අද දවසින් දවස සතියෙන් සතිය වර්ධනය වෙමින් පවතිනවා මට පේනවා. එතුමාට වැරදිච්චි තැන තමයි මේ ආණ්ඩුවේ කළමනාකරණයකුත් නෑ, අධීක්ෂණයකුත් නෑ, සුදුස්සෝ සුදුසු තැන්වලත් නෑ. අර නිස්සන් නිසි තැන්වල වැජඹේවා කියන එක අද මේ ආණ්ඩුව තුළ නෑ. ජනාධිපතිතුමාට කියන්නෙ, දැන්වත් ඔබතුමා අඩුපාඩු හොයන්න. වුණේ මොකක්ද කියලා හොයන්න. ඇහුම්කන් දෙන්න ගෝඨාභය මහත්තයෝ. ඔය වටේ ඉන්න කේවට්ටයෝ ටික කියන දේවල් අහගෙන ඔබතුමා ඉදිරි ගමන යන්න යනවා නම් අපටත් සිද්ධවෙයි බොහෝම ඉක්මනින් වෙන පැත්තක් බලාගන්න.”