27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවිරෝධයක් නිසා කාල්ටන් පෙර පාසලේ අවුරුදු උත්සවය නතර කෙරේ

විරෝධයක් නිසා කාල්ටන් පෙර පාසලේ අවුරුදු උත්සවය නතර කෙරේ

නුවරඑලිය බස් නැවතුම්පොලේ සිට ගමන් ආරම්භ කරන දුර සහ කෙටිදුර ධාවන බස් රථ රියදුරන් අද (01) සිට වැඩ වර්ජනයක් ආරම්භ කරමින් උද්ඝෝෂණයක නිරත වෙමින් සිටියි.

දින ගණනාවක් තම බස් රථ ධාවනයට ඩීසල් ඉන්ධන නොලැබුණු බවත් ඒ අනුව තමන්ට ඩීසල් ඉන්ධන ලබාදෙන ලෙස රජයට බලකරමින් මෙම බස් රථ වර්ජනය ආරම්භ කළ බව බස් රථ රියදුරන් පවසයි.

නුවරඑළියේ පැවැත්වෙන උද්ඝෝෂණය හේතුවෙන් පොලිස් කැරලි මර්ධන ඒකකය ඇතුළු පොලිස් නිලධාරින් වසන්ත උදානය පැවැත්වෙන නුවරඑලිය ග්‍රෙගරි වැව පරිශ්‍රයටත්, කාල්ටන් පෙර පාසලටත් දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත.

කාල්ටන් පෙරපාසලේ පැවැත්වීමට නියමිතව තිබූ වාර්ෂික අවුරුදු උත්සවයද මෙම විරෝධතාව හෙතුවෙන් නවත්වා ඇත.