31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalපොඩ්ඩක් ඉවසන්න - රජය නීතිය හා සාමය රකිමින් ජනතා ගැටලු විසඳනවා

පොඩ්ඩක් ඉවසන්න – රජය නීතිය හා සාමය රකිමින් ජනතා ගැටලු විසඳනවා

උද්ඝෝෂණ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් විරසේකර විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ඒ අනුව අමාත්‍යවරයා කියා සිටින්නේ ජනතාව මුහුණ දෙන දුෂ්කරතා ගැන රජය තේරුම් ගෙන ඇති බවත් රජය එම වගකීමෙන් බැහැර නොවන බවත්ය.

උද්ඝෝෂණ හා රැළි පැවැත්වීම ජනතා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය බව පෙන්වා දෙන සරත් වීරසේකර අමාත්‍යවරයා එය කිසිසේත්ම උදුරා නොගන්නා බවත් අවධාරණය කළේය.

ජනතාව මුහුණ දෙන මෙම ගැටලුවලට කෙටි කාලීන හා දිගුකාලීන සැලසුම් රජය සකස් කර ඇති බවත් ඒ පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙන බවත් පැවසූ අමාත්‍යවරයා
සියලු දෙනා ඉවසීමෙන් යුතුව කටයුතු කරන්නැයි, ඉල්ලා සිටියේය.

නීතිය හා සාමය රකිමින් ජනතා ගැටලු විසඳීමට රජය නිරන්තරයෙන් කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.