26.7 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalබැසිල්ට 2/3 අහිමි වෙයි? - ළඟදීම විශ්වාසභංගයක්

බැසිල්ට 2/3 අහිමි වෙයි? – ළඟදීම විශ්වාසභංගයක්

ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරුන් 50කට වැඩි පිරිසක් මේ වනවිට ස්වාධීනව කටයුතු කිරීමට විමල් ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවලට එකඟත්වය පළකර ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.

වර්තමාන ආණ්ඩුවේ බහුතරය නැතිකර අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීමට සැලසුම් කරමින් සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

ආණ්ඩුවේ බහුතරය නැති කිරීමට අවශ්‍ය මන්ත්‍රී සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රමාණයක් එක් කර ගැනීමට සැලසුම් කරමින් ඇතැයිද පැවසූ උදය ගම්මන්පිල වැඩිදුරටත් කියා සිටින්නේ වඩාත්ම සුදුසු මොහොතේ රජයට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවයි.

විශ්වාසභංග යෝජනාවෙන් ආණ්ඩුව පරාජයට පත් කිරීමෙන් පසු නැවතත් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන තුරු අන්තර්වාර රජයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බවද හෙතෙම ප්‍රකාශ කළේය.