― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමේ වසරේදී ඉන්දියාවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2.5ක ණය අරන්

මේ වසරේදී ඉන්දියාවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2.5ක ණය අරන්

මේ වසරේ ගතවූ කාලය තුළ ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 2.5ක ණය සහ ආධාර ලබා දී ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඉන්ධන මිලදී ගැනීම, අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ මිලදී ගැනීම ඇතුළු අවශ්‍යතා සඳහා මෙම ණය සහ ආධාර ලබා දී ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ඉන්දීය ආධාර යටතේ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ඊයේ (02) ශ්‍රී ලංකාවට ලැබුණු අතර ඒ අනුව පසුගිය දින 50 තුළ ඉන්දීයාව විසින් ශ්‍රී ලංකාවට ඉන්ධන මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක් ලබාදී තිබේ.

මේ අතර ආහාර සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සදහා ශ්‍රී ලංකා රජය සමග ඇතිකර ගත් අමෙරිකානු ඩොලර් බිලියනයක ණය පහසුකම යටතේ පළමු සහල් තොගය මෙරටට ලබාදීමට පියවර ගන්නා බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පැවසීය.

ඒ අනුව කඩිනමින් අදාළ සහල් තොගය මෙරටට නැව්ගත කිරීමට නියමිත බව එම නිවේදනයේ සඳහන් විය.

ඉන්දියානු ආයෝජන හරහා මධ්‍යකාලීන හා දිගුකාලීන ආයෝජන මගින් ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා දරණ ප්‍රයත්නය අඛන්ඩව ඉන්දීය රජය විසින් සිදුකරන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.