― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalසර්ව පාක්ෂික ආණ්ඩුවකට ජනපති සහ අගමැතිගෙන් යහපත් ප්‍රතිචාර

සර්ව පාක්ෂික ආණ්ඩුවකට ජනපති සහ අගමැතිගෙන් යහපත් ප්‍රතිචාර

සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවක් පත් කරන්නැයි ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට කළ යෝජනාවට යහපත් ප්‍රතිචාරයක් පළ වී ඇතැයි විමල් වීරවංශ පවසයි.

තමන් උදය ගම්මන්පිල සහ ටිරාන් අලස් යන මහත්වරුන් සමඟ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමු වී මේ පිළිබඳව සාකච්ඡා කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත්තේ ආර්ථික අර්බුදයෙන් රට ගලවා ගැනීම සඳහා භාරකාර ආණ්ඩුවක් යටතේ ඉදිරියේදී රට පාලනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

ඉදිරි සතිය තුළ එම වැඩපිලිවෙළ ඉටු නොවන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු 14 දෙනා ආණ්ඩුවේ සියලු තනතුරුවලින් ඉවත් වී පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බවද නිදහස් පක්ෂය ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

මේ අතර හදිසි නීතිය පැනවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කළේය.