32.2 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුවේට් රජය ඉල්ලා අස්වෙයි

කුවේට් රජය ඉල්ලා අස්වෙයි

කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් සබා අල්-ඛාලිඩ් විසින් ඉල්ලා අස්වීමේ ලිපිය ඔටුන්න හිමි ෂෙයික් මෙෂාල් අල්-සභා වෙත බාරදුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කුවේට් රජය මේ වනවිට දැඩි දේශපාලන අර්බුදයකට මුහුණ පාමින් සිටින අතර එරට අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වීම හේතුවෙන් රජය ඉල්ලා අස් වී ඇත.

පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් දිගින් දිගටම පාලක පක්ෂය දූෂණ වංචා සිදුකරන බව පවසමින් අගමැතිවරයාට දැඩි විරෝධයක් දැක්වීම හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යා නොහැකි වාතාවරණයක් කුවේටය තුළ මතුව තිබේ.