26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකූඨ ලේඛන සකසා වාහන ආනයනය කළ නිලධරිනියන් දෙදෙනා ගැන පරීක්ෂණ

කූඨ ලේඛන සකසා වාහන ආනයනය කළ නිලධරිනියන් දෙදෙනා ගැන පරීක්ෂණ

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ ඉහළ තලයේ නිලයන් දරණ නිලධාරිනියන් දෙදෙනෙකු විසින් කූඨ ලේඛන සකසා වංචා සහගත ලෙස තීරු බදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබා ගනිමින් එම වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇත.

ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙසට ඉල්ලා ‘මගෙන් රටට සංවිධානයේ’ සභාපති සංජය මහවත්ත විසින් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පසුගියදා පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

2011 වර්ෂයේදී වංචනික ලෙස තම සේවා කාලයන් සහ තනතුරු සඳහන් කොට නීත්‍යානුකූලව හිමි නොවන සහනයක් ලබාගැනීම සඳහා වෙළඳ තීරුබදු හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව චේතනාන්විතව නොමග යවමින් තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර මෙම නිලධාරිනියන් දෙදෙනා විසින් ලබාගෙන ඇතැයි ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

වංචනික ලෙස මෙම නිලධාරිනියන් දෙදෙනා වාහන ආනයනය කර රජයේ බදු මුදල් වංචා කිරීමෙන් රජයට අයවිය යුතු බදු මුදල් විශාල ප්‍රමාණයක් අහිමි වී ගොස් ඇත.