27.8 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනතාව අරගල කරන්නේ ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට විරුද්ධව

ජනතාව අරගල කරන්නේ ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට විරුද්ධව

හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

“මම එකක් කියනවා. අපි මෙතන සාකච්ඡා කරද්දි විපක්ෂයට දොස් කියන්න එපා. මගේ මෙතෙක් පාර්ලිමේන්තු ජීවිතය තුළ නොදැකපු සිදුවීම් තමයි අද තියෙන්නේ. මේක පටන් ගත්තේ ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට විරුද්ධව. ඊයේ වෙනකොට මැති ඇමතිවරුන්ගේ නිවෙස් වටලලා. මම ඒක අනුමත කරන්නේ නැහැ. ඒක නැවැත්විය යුතුයි. මෙතනින් ඉදිරියට යන විදිහ පිළිබඳව අපි එකඟත්වයක් ඇති කරගත යුතුයි. අද වේද්දි රටේ ජනතාවට ගෑස් නෑ, ඩීසල් නෑ, ලයිට් නෑ. අපිට ඒවා ගන්න්න නම් ඩොලර් ඕනේ. අපි ඉස්සෙල්ලම මුදල් තත්ත්වය මොකක්ද කියලා දැනගන්න ඕනේ. මේ වෙනකන් හරියට සංචිත ගැණ කියලා නෑ. මේ සභාවට මේ සියලු දේවල් ඉදිරිපත් කරන්න. ආණ්ඩුව දැන් IMF යන්න තීරණය කරලා තියෙන්නේ. අපේ බලධාරීන් කියනවා රටේ ආර්ථික ප්‍රශ්නයක් නෑ කියලා. ඒක අයින් කරලා විධායක මණ්ඩලයේ සාකච්ඡා කරන්න. මම එතනට යන්න කියන්නේ මට අවස්ථාවක් ලැබුණා එහි කළමණාකාර අධ්‍යක්ෂවරිය එක්ක කතා කරන්න. එයාලා අපිට උදවු කරන්න කැමතියි කිව්වා. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුවෙන් සමහර වැඩවලට මුදල් ගන්න පුළුවන්. වඉද්‍ය කටයුතුවලට ගන්න පුළුවන් ඒ දේවල්. පාර්ලිමේන්තුවට පුළුවන් මේ වැඩ කටයුතු ගෙනියන්න. ජනතාවට සහන දෙන අයවැයක් ඉදිරිපත් කළ යුතුයි. මම ආපහු කියනවා මුදල් අමාත්‍යංශයේ කොමිටියට සභාපතිය බැංකු කැඳවලා බැංකු ආරක්ෂා කරන්න දැලක් දාන්න. මේ වගකීම පාර්ලිමේන්තුව බාරගන්න කියල මම කියනවා. අපි එකතුවෙලා මේකට විසඳුමක් හොයමු. විධායකයට කරන්න බැරිවෙලා තියෙන්නේ මම විශේෂයෙන්ම කියන්නේ අපි මේ ගැන තවත් සාකච්ඡා කළ යුතුයි.”