― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalජනතා විශ්වාසය ඇති පාලනයක් ගොඩනැගිය යුතුයි

ජනතා විශ්වාසය ඇති පාලනයක් ගොඩනැගිය යුතුයි

ජනතාව කියනා පරිදි වතමන් පාලකයින් ඉවත් විය යුතු බවත් ඔවුන් පුටුවල රඳවා ගනිමින් කෙටි කාලීන විසඳුම් හෝ අන්තර්කාලීන විසඳුම් හෝ විවිධ අටමගල් පිළිබඳව සාකච්ඡා කිරීමෙන් පලක් නැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකට එක්වේමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මෙසේද කීය.

“පසුගිය කාලය පුරාම ආණ්ඩුව දියත් කළ ක්‍රියාදාමය දෙස ජනතාව ඉවසිමෙන්, වේදනාවෙන් කෝපයෙන් බලාගෙන සිටියා. ගෝඨාභය රාජපක්‍ෂ සහ ඔහුගේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ ජීවිත බුක්ති විඳි සුඛ විහරණය දශමයකින්වත් අඩු කළේ නැහැ. මහජනයාගේ දේපළ හොරකම් කරන එක නතර කළේ නැහැ. අධිකරණය ඉදිරියේ විභාග වන වංචනිකයන්ගේ නඩු ඉල්ලා අස්කර ගැනීම නතර කළේ නැහැ. අපේ රටේ පරිසර පද්ධතිය, ජාතික සම්පත්වලට කළ විනාශය අත්හැරියේ නැහැ.

ගෝඨාභයගේ පවුලේ දේපළ වගේ කෙරවලපිටිය බලාගාරය, කොළඹ වරායේ බටහිර ජැටිය, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය විකුණුවා. මේවා දිහා ජනතාව කැකෑරෙන වේදනාවෙන් කැකෑරෙන කෝපයකින් බලාගෙන හිටියා. අනතුරුව මේවාට එරෙහිව තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී විරෝධය පළ කරන්න පටන් ගත්තා. විරෝධය ප්‍රකාශ කිරීමට දරුවන් වඩාගෙන, පුවරුවක් අරගෙන පෙළ ගැහුණා. එහෙත් ආණ්ඩුව ඇහුම්කන් දෙන්නේ නැහැ. මේ නිසා විශාල ආවේගයක් බවට පත්වෙලා විශාල ජනතා නැගිටීමක් සිදුවී තිබෙනවා.

රාජ්‍ය ආයතන අකර්මණ්‍ය වෙලා. නගරබද විශාල තදබදයන්, ජනතාවගේ උද්ඝෝෂණයන් ඇවිලෙමින් තිබෙනවා. මහින්ද රාජපක්‍ෂගේ තංගල්ල කාල්ටන් නිවස ඉදිරිපිට දහස් සංඛ්‍යාත ජනතාවක් නිවස වටලලා තිබෙනවා.”