26 C
Colombo
Sunday, October 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනාමල් විදේශගත වෙනවා නම් අධිකරණය දැනුවත් කරනවා

නාමල් විදේශගත වෙනවා නම් අධිකරණය දැනුවත් කරනවා

නාමල් රාජපක්ෂට විදේශගත වීමට අවශ්‍යතාවක් ඇති වුවහොත් ඒ පිළිබඳව අධිකරණය දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව ඔහු වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතිඥ ගාමිණී මාරපණ කොළඹ මහාධිකරණය හමුවේ අද (05) ප්‍රකාශ කළේය.

නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ නීතිපතිවරයා පවරා ඇති නඩුව අද කැඳවීය.

මෙම නඩුව අප්‍රේල් 28 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ නියෝග කළේය.