― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් පිට ආණ්ඩු මාරුකිරීමේ සංස්කෘතියක් අපිට නෑ

ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් පිට ආණ්ඩු මාරුකිරීමේ සංස්කෘතියක් අපිට නෑ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස් වුවත් පවතින ගැටලුවට විසඳුමක් නොලැබෙන බවත් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් පිට ආණ්ඩු මාරුකිරීමේ සංස්කෘතියක් අපේ රටේ නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (05) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

“යම්කිසි කෙනෙක් කියනවා නම් ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙන්න ඕන කියලා. යම්කිසි කෙනෙක් කියනවා නම් ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න ඕන කියලා එය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය ඇතුලේ වෙන්න ඕන. අපේ රටේ නිදහසින් පසුව ප්‍රජාතන්ත්‍රවාදීව තමයි නිරන්තරයෙන් ආණ්ඩු මාරුවෙලා තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් පිට ආණ්ඩු මාරුකිරීමේ සංස්කෘතියක් අපේ රටේ නෑ. එය පූර්වාදශයක් බවට දුන්නොත් ඊළඟ පරම්පරාවට ඉතුරු වන්නේ ලේ විලක් පමණයි. අද ගරු කථානායකතුමනි ගෝ හෝම් ගෝඨා කියන ටැග් ලයින් එකෙන් සටන ගෙනියන්නේ. මතක තියාගන්න ගරු මන්ත්‍රීතුමනි හෙට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගියත් මේ ප්‍රශ්නය ඉවර වෙන්නේ නෑ. ඊළඟට එන එක්කෙනාට, ඔබට, මට ඊටපස්සේ රාජ්‍ය සේවයට. ඊටපස්සේ රටේ ගමේ ග්‍රාමසේවක මහත්තයට ඊටපස්සේ මේ රටේ ව්‍යාපාරිකයාට දක්වා මේ කාරණය රැඟෙන යනවා. අපි දැක්කා මේක ලෝකේ බොහෝ රටවල සිද්ධවෙනවා. 88, 89 කාලසීමාවේත් මෙවැනිම කාරණාවක් තමයි කථානායකතුමනි සිද්ධවුනේ. පාර්ලිමේන්තු ඕනි නෑ, ප්‍රජාතන්ත්‍රවාදය ඕනි නෑ, ජනතා රැල්ලෙන් අපි ආණ්ඩුවක් හදමු කිව්වා. අවසානයේ 60,000ක් තරුණයෝ ඝාතනය කරගත්තා. අදත් අපි අහන්නේ අපි එතනටද යන්නේ.”

“කෝ සැලැස්ම, කෝ වැඩපිළිවෙල, කවුද නායකයා, කාවද පත්කරන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉල්ලා අස්වුණා කියන්න ඊට පස්සේ කවුද පත්වෙන්නේ. මේ පාර්ලිමේන්තුවෙන්මයි ගරු කතානායකතුමනි. ව්‍යවස්ථානුකූලව. එළියෙන් ගේන්න බෑ. එහෙමනම් ඒ පත්වෙන එක්කෙනාට මොකද කරන්නේ. ඒ පත්වෙන එක්කෙනාත් මේ ජනතා අරගලයේ කොටසක් නෙවෙයි කියලා. එයාවත් යවන්න ද. මේ වගකිවයුතු දේශපාලන නායකයෝ මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා. දිනේෂ් ගුණවර්ධන මැතිතුමා. මේ අවුරුදු ගණනාවක් දේශපාලන පළපුරුද්දක් තියෙන අය. අපි තරුණ දේශපාලනඥයෝ. අපේ දේශපාලන ඉතිහාසය අවුරුදු 10කට 12කට වැඩිය නෑ. මේ අවුරුදු 40ක් 50ක් පාර්ලිමේන්තු දේශපාලනය තුළ ප්‍රජාතන්ත්‍රවාදය තුළ හිටපු නායකයෝ. සම්බන්ධන් මැතිතුමා ඉන්නවා. මේ අය එකතුවෙලා මේ වෙලාවේ පළවෙනියටම කළයුතු කාරණය තමයි මේ ගින්දර නිවන්න ඕන. මේ හැම එකක් පිටිපස්සෙම දේශපාලන පක්ෂ ඉන්නවා. නෑ කියන්න බෑ. ඒකට වීඩියෝ තියෙනවා. ඒකට පිංතූර තියෙනවා. ඒ අයගේ ප්‍රකාශ තියෙනවා. ඒ අතරේ අහිංසකව ස්වාධීනව තියෙන අමාරුවට ආර්ථික පහසුතා මත තියෙන ගැටලුව හින්දා උද්ඝෝෂණ කරන පිරිසකුත් ඉන්නවා. ඔබතුමා මේකේ නායකත්වය ගන්න. ඔබතුමාට වගකීමක් තියෙනවා මේ 225 වගේම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න. මේකේ අවසානය ප්‍රජාතන්ත්‍රවාදය මුවාවෙන් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලලා පාරට බැහැලා ප්‍රජාතන්ත්‍රවාදය නැතිකරන තැනට මේ රට අරගෙන යන්න ඉඩ තියන්න එපා ගරු කතානායකතුමනි.”