― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalපොලිස්පති ගහන්නේ ඩබල් ගේම්.. වහාම පොලිස්පතිව අයින් කරන්න

පොලිස්පති ගහන්නේ ඩබල් ගේම්.. වහාම පොලිස්පතිව අයින් කරන්න

පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මෙලෙස පාර්ලිමේන්තුවේදී අදහස් පලකළා.

“පොළොන්නරුවේ මේ පාර්ලිමේන්තුවේ පස් දෙනෙක් නියෝජනය කරනවා.
පස් දෙනෙක් නියෝජනය කරද්දි අගමැතිතුමනි පෙරේදා දිනයේ මට ගෙනත් දෙනවා බුද්ධි අංශ වාර්තාව.
සැලසුම් සහගත ප්‍රහාරයක් තියෙනවා. මේ ප්‍රහාරයේ මේ කණ්ඩායම ඉන්නවා කියලා.
ඒ කණ්ඩායම ඇතුලේ ජන බලවේගය, ජාතික ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නම් සඳහන් වෙනවා.
මේ සිදුවීම වෙද්දි වීඩියෝ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහයෝගය දක්වන අය.
මගේ නිවසට ප්‍රහාරය එල්ල වෙනවා කියද්දි පොලිසියෙන් හිටියේ 10 දෙනයි.
සාමාන්‍ය ජනතාව මගේ ගෙදරට ගහලා වෛරය පිරිමහගන්න ඒකට කමක් නෑ..
මගේ නිවස හදලා තියෙන්නේ මහජනතාවගේ ප්‍රයෝජනය උදෙසා.
පොලිස්පතිවරයා මේකට හරියට වැඩ කරන්නේ නැත්නම් එයාව මාරු කරන්න.
ජනාධිපතිතුමනි, අගමැතිතුමනි පොලිස්පතිවරයව මාරු කරන්න..
පොලිස්පති ගහන්නේ ඩබල් ගේම්.
අහගන්න..
පොලිස්පතිට මම කෝල් ගත්තා 10 වතාවක්. මට ගන්න බෑ පොලිස්පතිව.
සම්බන්ධ කරගන්න බෑ.. මම කිව්වා දේශපාලඥයෙක්ගේ නිවසට ප්‍රහාරයක් එල්ලවෙනවා කියලා.. එතුමා කියනවා මට මේක එවන්නලු.”