26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරටේ අර්බුදයට වගකිව යුත්තේ මහින්ද රාජපක්ෂයි

රටේ අර්බුදයට වගකිව යුත්තේ මහින්ද රාජපක්ෂයි

අද වනවිට රට තුළ ඇතිව තිබෙන තත්ත්වයට වගකිව යුත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (05) පාර්ලිමේන්තුවේදීය. එහිදී වැඪිදුරටත් අදහස් දැක්වූ කුමාර වෙල්ගම මෙසේද ප්‍රකාශ කළේය.

රට වැටී තිබෙන අර්බුදයට වගකියන්න ඕනේ වෙන කවුරුත් නෙවෙයි. මම පැහැදිලිවම කියනවා ඒකට වගකිව යුත්තා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කියලා. මාත් එක්ක තරහ වෙන්න එපා මහින්ද මහත්තයා. අපි ඔබතුමා සමඟ අවුරුදු 40ක් හිටියා. මට හරි කනගාටුයි අද රටට වෙලා තියෙන දේට. අපේ වාමාංශික මන්ත්‍රීවරුන්ට හා පාක්ෂිකයින්ට වෙලා තියෙන දේ ගැන මම කනගාවු වෙනවා.