― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඉන්ධන, ගෑස්, විදුලි හිඟයට වඩා දරුණු ආහාර හිඟයක් ඉදිරියේදී

ඉන්ධන, ගෑස්, විදුලි හිඟයට වඩා දරුණු ආහාර හිඟයක් ඉදිරියේදී

අද රට තුළ පවතින ඉන්ධන, ගෑස්, විදුලි හිඟයට වඩා දරුණු ආහාර හිඟයක් ඉදිරියේදී ඇති විය හැකි බව බව කතානායකවරයා පවසයි.

කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේ රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දෙදින පාර්ලිමේන්තු විවාදය ආරම්භයේදී අද (06) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

පසුගිය දින කිහිපය පුරා මන්ත්‍රීවරුන් විශාල පීඩනයකට ලක්වූ බවත් මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවේ සහ වරප්‍රසාදවල භාරකරු ලෙස එය තමා තරයේ හෙළා දකින බවත් කතානායකවරයා එහිදී ප්‍රකාශ කළේය.

ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක අංශවලට දැනුම්දී ඇති බවත් කතානායකවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

“අද මේ විවාදය පවත්වන්නේ අප දන්නා ඉතිහාසයේ, අප රට තුළ ඇති වු දරුණුතම ආර්ථික අර්බුදයක ආරම්භයේ බව සිහිගන්වමි. මෙය අර්බුදයක ආරම්භයක් ලෙස මම සඳහන් කරනුයේ, මා හට දැනෙනා ලෙසට මෙය තව උග්‍ර වීමට ඉඩ ඇති බවට ආර්ථික විද්‍යාඥයින් අනතුරු අඟවන නිසාය. අද පවතින ඉන්ධන, ගෑස්, විදුලි හිඟයට වඩා ඉදිරියේ දී දරුණු ආහාර හිඟයක් ඉදිරියට ඇති විය හැකි බවට අනුමාන කරයි. එය එසේ සිදුවේවි ද නැතිනම් එය යම්තාක් දුරටකට හෝ පාලනය කරගන්නේ අප සියලුදෙනා මේ සතිය තුළ ක්‍රියාකරන ආකාරය මත යැයි මා විශ්වාස කරමි.”