27.8 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනපතිගේ ඉල්ලීම ශ්‍රීලනිපය කුණු බක්කියට දමයි

ජනපතිගේ ඉල්ලීම ශ්‍රීලනිපය කුණු බක්කියට දමයි

ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අතර ඊයේ (05) පැවති සාකච්ජාවේදී ජනාධිපතිවරයා විසින් කර තිබෙන ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

එහිදී ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැබිනට් මණ්ඩලයේ සිටිය යුතු බැවින් නැවත ඇමතිකම් භාරගන්නා ලෙස ඉල්ලීමක් කර ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම තීරණයේ කිසිඳු වෙනසක් නොවන බව ජනාධිපතිවරයාට දන්වා තිබේ.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ගෙන එනු ලබන ඕනෑම වැඩපිළිවෙලක් සඳහා පාර්ලිමේන්තුවේදී ශ්‍රිලනිප්ය සහය දක්වන බවද ඔවුන් එහිදී ප්‍රකාශ කර ඇත.