29.5 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSocialනොදැන කරපු වරදට සමාව දෙන්නැයි ටට්යානා ඉල්ලයි

නොදැන කරපු වරදට සමාව දෙන්නැයි ටට්යානා ඉල්ලයි

මේ දිනවල පැවැත්වෙන මහජන විරෝධතාවන් පිළිබද විවිධ කතා බහ අපි මුහුනුපොත පුරාම දකිනවා.එමෙන්ම විවිධ සටන් පාඨයන් මෙන්ම ඒ පිලිබදව දක්වන පක්ෂ විපක්ෂ මතද අපි දිනපතාම පහේ මුහුනුපොතේ දකිනවා.

කෙසේ නමුත් මේ සටහනට වස්තු බීජය වූයේ රාජපක්ෂ පවුලේ බාලයා නොහොත් රෝහිත රාජපක්ශ ගේ බිරිඳ මුහුනුපොතට එක් කර තිබුනු සටහනකි.
විරෝධතාවයට එක්වූ අයෙක් පුවරුවක් ප්‍රදර්ශනය කරන ආකාරය මෙහි සටහන්ව තිබුනි.එහි සටහන්ව තිබුනු දේ අර්ථය සරලව සිංහලයෙන් ගත් විට “පියාණෙනි, ඔවුන්ට සමාව දෙන්න, ඔවුන් කරන්නේ කුමක්දැයි ඔවුන් නොදන්නා බැවිනි ” ලෙස සරලව ගත හැක.

ඇතැමෙක් තර්ක කලේ ඇය මේ විරෝධතාකරුවන්ට තර්ජනයක් කරන බවයි.මෙහි පියානන් ලෙස කියනු ඇත්තේ ටට්යානාගේ මාමන්ඩියට බවයි ඔවුන් කියා සිටියේ.නමුත් තවත් පිරිසක් කියා සිටියේ ඇය උපතින් ක්‍රිස්තු භක්තික වන බැවින් ඇය මේ විරෝධතාකරුවන්ට සමාව දෙන මෙන් ඉල්ලා සිටින්නේ දෙවි පියානන් වහන්සේගෙන් බවයි.ඇය ඇත්තටම මේ කියන පියානන් කවුද කියා දන්නේ ඇයම පමණකි.

කෙසේ නමුත් මෙම සාමකාමී අරගලය කිසිවිටක හිංසනයට හෝ විනාශයකට නොයායුතු බව පමණක් අප දැඩිව විශ්වාස කරනබව සටහන අවසානයට ලියා තැබීමට කැමැත්තෙමු.