29.5 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපියාගෙන් පුතාට බලය හිමි වන දේශපාලන ක්‍රමය වෙනස් කළ යුතුයි

පියාගෙන් පුතාට බලය හිමි වන දේශපාලන ක්‍රමය වෙනස් කළ යුතුයි

පියාගෙන් පුතාට බලය හිමි වන දේශපාලන ක්‍රමය වෙනුවට රට තුළ සිටින දැන උගතුන්ගෙන් සමන්විත නව ස්වාධීන දේශපාලන බලවේගයක් ගොඩනැගිය යුතු බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති‍.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

පවතින ආණ්ඩුවට දීර්ඝ කාලයක් ගමන් කළ නොහැකි අතර මහ මැතිවරණයක් පැමිණි පසු ජනතා කැමැත්තෙන් සාමකාමී රාජ්‍ය පාලනයේ මාරුවක් ඇති කර ගත යුතු බව උන්වහන්සේ එහිදී වැඩිදුරටත් පැවසීය.

“මගේ දේශපාලන ස්ථාවරය මට කියන්න පුළුවන්. ස්වාධීන දේශපාලන බලවේගයක් මේ බමුණු පන්තිය තාත්තාගෙන් පුතාට යන දේශපාලන සංස්කෘතිය ඉවර කරලා මේ රටේ දැන උගත් මිනිස්සු ඉන්නවා විශ්වවිද්‍යාලයට ගිය අය ඉන්නවා. ලෝකේ පුරා දැවැන්ත ජනමතයක් තියෙන අය ඉන්නවා. මේ අයට තැනක් නෑ. පාර්ලිමේන්තුවේ දැන් ඉඩක් නෑ. ආණ්ඩුවේ සහ විපක්ෂයේ ඉන්න ප්‍රබුද්ධ මිනිස්සු ටික එකතු වෙලා නව දේශපාලන ව්‍යාපාරයකට අඩිය තියන්න කාලය ඇවිල්ලා. ඒකට එකඟ අයට ඒකට සහය දෙන්න පුළුවන්.”