― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSocialමහත් කතාබහට ලක්වූ අනුරුද්ධ ස්තූති කරමින් සටහනක් තබයි

මහත් කතාබහට ලක්වූ අනුරුද්ධ ස්තූති කරමින් සටහනක් තබයි

පසුගිය දිනවල සමාජ මාධ්‍ය හරහා මහත් ආන්දෝලනාත්මක චරිතයක් වූ ඔහු නමින් අනුරුද්ධ බණ්ඩාර.

පසුගිය අප්‍රේල් 01 වැනිදා ඔහුගේ අතුරුදන් වීමත් සමඟ ඔහු ගැන සමාජ මාධ්‍ය පුරා නොයෙක් ආකාරයෙන් සංසරණය වුණා.
ඔහු ඉන්නා තැනක් සොයාගැනීම සඳහා සමාජ මාධ්‍ය හරහා බොහොදෙනා පුංචි හෝ සහයෝගයක් දුන් බව නොඅනුමානයි.

ඔහු වෙනුවෙන් නොමිලේ නීතිඥ සහාය ලබාදීමට බොහෝ නීතිඥයින් පිරිස් මෝදර පොලිස් ස්ඨ්Hආනය වෙත පැමිණ කඩිනමින් ඔහුට ඇප ලනාදීමට අවශ්‍ය නීති ක්‍රියාමර්ග ගත්තා.

ඉති ඒ වෙනුවෙන් වෙහෙසුණ සැමටම ස්තූති කරන්න ඔහු අමතක කළේ නැහැ. මේ ඔහු සිය ෆේස්බුක් ගිණුමේ පළ කළ සටහනයි.

“කිසිදු පුද්ගලික ලාභයක් හෝ සම්බන්ධයක් නොමැතිව මා වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙස වූ සිය ගණනක් වූ නීතීඥවරුන්ට/වරියන්ට , සියල්ල ශක්තිමත්ව දරාගත් පවුලේ අයට , සහය වූ ජනමාධ්‍යවේදීන්ට, පාසල් සහ විශ්ව විද්‍යාල ප්‍රජාවට, මිතුරු මිතුරියන්ට අසල් වැසියන්ට , සමාජ මාධ්‍ය සහ දේශපාලන ක්‍රියාකාරීන්ට මෙන්ම යහපත් රටක් පිළිබදව විශ්වාසයෙන් නන් අයුරින් සහය ලක්ෂ ගණනක් වූ ශ්‍රී ලාංකිකයින්ට, ගෞරවණීය ආචාරය . ඔබ නොහිටියා නම් මගේ කතාව තරමක් වෙනස් එකක් වන්නට ඉඩ තිබුනු බව මා විශ්වාස කරමි. ඔබ සැවොම දන්නා පරිදි මෙම මහජන ප්‍රබෝධයට නායකයෙක් නොමැත. අප සියලු දෙනා මේ දම්වැලේ එක් එක් පුරුක් පමණි. මෙය බිද නොහැලිය හැකි තරම් ශක්තිමත් වන්නේ එබැවිනි.මාද ඇතුළුව විවිධ ක්‍රියාකාරීන් මාස ගණනාවක් තිස්සේ තනි තනිව පාරට ගොස් මහජනයාගෙන් කරන ලද ඉල්ලීම සමස්ථ මහජනතාව පිළිගෙන ඇති බව දැනෙන්නේ ශ්‍රී ලාංකික ජනතාව පිළිබද ඉමහත් භක්තියකි.මෙම ක්‍රියාකාරකම් වලින් ඉවත්ව සිටින මෙන් මා හට ආදරය කරන සියලු දෙනාගෙන් උපදෙස් ලැබී තිබුනද, සිදුවන සමහර දේවල් පිළිබදව මාගේ මතය ප්‍රකාශ කිරීම මාගේ යුතුකමක් මෙන්ම වගකීමක් ලෙස සලකන බැවින් විශාල අවදානමක් නැවතත් මා වෙත යොමු කරගනිමින් සියලු පුරවැසියන් ගෙන් මෙසේ ආයාචනා කරමි.මේ වන විට මහජන පිබිදීමේ උච්චතම අවස්ථාවකට පැමිණ ඇති බැවින් මින් පසුව රටට ලැබිය යුතු විසදුම් ගැනද පූර්ණ අවබෝධයකින් කටයුතු කල යුතු බව මාගේ හැගීමයි. මුල් දින කීපයේ තිබූ මෙම අවබෝධය පරයා හුදෙක් රැල්ලට හෝ විහිළුවට මහපාරට පැමිණීමේ ප්‍රවණතාවයක් ඇතිව තිබේදැයි මට ඇත්තේ සැකයකි.පක්ෂ පාට , ජාති ආගම් බේද ඉක්මවූ මහජන පිබිදීම රැකී පවතින්නේ හා සාර්ථක වන්නේ එය ව්‍යවස්ථානුකූල , සාමකාමී වනතෙක් පමණක් පමණි. ප්‍රචණ්ඩත්වය , මහජන හා පුද්ගලික දේපල වලට හානි කිරීමෙන් සිදුවන්නේ අප රට නැවතත් අදුරු යුගයකට ඇද දැමීමක් පමණි. තවද එමගින් වාසි ලබන්නේද අප සියල්ල එරෙහි වන දූෂිත දේශපාලනයමයි . සමහර දෙනා ප්‍රචණ්ඩත්වය තුලින් තාවකාලික වින්දනයක් ලැබුවද ඉන් අප සැමගේ දීර්ඝකාලීන බලාපොරොත්තු අමු අමුවේ විනාශ වන බව මෙහිදී සදහන් කල යුතුය..සමහර පිරිස් ඔවුන්ගේ පෞද්ගලික දේශපාලන පලිගැනීම් පවා මෙම අරගලය මුවාවෙන් දමා සිදු කරගන්නා බව පෙනෙන්නට ඇත.එබැවින් ප්‍රකෝපකාරී ලෙස හැසිරෙමින් ශ්‍රී ලංකාවේ මෙම හැරවුම් ලක්ෂය එතැනම විනාශ කිරීමට උත්සාහ දරණ කුමන්ත්‍රණකාරී පිරිස් වලින් ඉවත් වන ලෙසත්. ඔවුන්ට එරෙහිව නීතිය ඉටු කිරීමට ආයතන වලට සහය වන ලෙසත්. නීතිය විසින් රකින්නේ නීතිගරුක පුද්ගලයින් පමණක් බවත් ගෞරවයෙන් සිහිපත් කර දෙන්නෙමි. විශාල පීඩනයකට මැදිව සිටින සාමාන්‍ය පවුලක සාමාන්‍ය පුද්ගලයෙක් ලෙස සැගවීමට , පැනයාමට හෝ විදේශගතව රැකවරණ ලැබීමට අවස්ථා ඕනතරම් තිබුනද මා එසේ කරන්නේ නැත. අපට ශ්‍රී ලංකාව යළි ගොඩනැගිය හැක.අප සෙවිය යුත්තේ 74 වසරක දුෂිත දේශපාලනයට ස්ථිරසාර විසදුම් මිසක පුද්ගලයින් ඉලක්ක කරගත් ඉල්ලීම් හෝ තාවකාලික සහන නොවේ.සියලු ශී ලාංකිකයින්ට ජය අවිහිංසාවාදී අරගලයට ජය”