29.5 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයුද්ධ හමුදා යතුරුපැදිවලට බාධා කළ පොලිස් නිලධාරීන් ගැන විමර්ශනයක්

යුද්ධ හමුදා යතුරුපැදිවලට බාධා කළ පොලිස් නිලධාරීන් ගැන විමර්ශනයක්

යුද හමුදාවේ යතුරු පැදි කණ්ඩායමේ යතුරු පැදි 04ක් ඊයේ (05) පාර්ලිමේන්තු සංකීර්ණය අවට යොදවා තිබුණු මාර්ග බාධකය අසළට පැමිණි අවස්ථාවේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් විසින් කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ට එරෙහිව විමර්ශනයක් සිදු කර අදාළ නිලධාරීන් දෙදෙනා පිලිබඳ විනයානුකූලව කටයුතු කරන්නැයි යුද හමුදාපතිවරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

අදාළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් පොලිස්පතිවරයා දැනුම් දී ඇත්තේ වහාම ඒ පිළිබදව නිසි ක්‍රියාමාර්ග ගන්නා බවයි. මේ අතර ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින්ද සිද්ධිය සම්බන්ධයෙන් වහා පියවර ගන්නැයි පොලිස්පතිවරයාට සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඉල්ලීමක් කර ඇත.

මෙම සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට නියම කර ඇති බවයි.