― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් රජයට රතු එළි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් රජයට රතු එළි

අත්‍යාවශ්‍ය ඖෂධ හා අත්‍යාවශ්‍ය උපකරණ නොමැති පසුබිමක සෞඛ්‍ය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදන නිකුත් කිරීමට රජය කටයුතු කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයක් ඇති විය හැකි බවට මීට පෙර සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරින් දැනුවත් කළ ද ඊට ඔවුන් විසින් නිසි පියවර නොගත් බවට එම සංගමයේ වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු චෝදනා කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු,

“අද වෙනකොට අපිට පේන්න තියෙනවා දැඩි ඖෂධ අර්බුදයකට අපි මුහුණදෙමින් ඉන්නවා. රජයකට තියෙන මුලික වගකීමක් තමා ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම. ඒ වගේම ජනතාවට සෞඛ්‍ය සඳහා තියෙන මුලික අයිතිවාසිකම තහවුරු කිරීම. ඒ වගේම ජනතාවට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීම. මේ සියලුම මුලික අයිතිවාසිකම් මේ රජය සපුරාලන්න රජය අසමත් වේගෙන එනවා. රටේ බෙහෙත් නැත්නම් අත්‍යාවශ්‍ය ඖෂධ නැත්නම්, අත්‍යාවශ්‍ය උපකරණ නැත්නම්, ශෛල්‍යකර්ම කරන්න අවශ්‍ය උපකරණ නැත්නම්, අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යන්න බැහැ. නමුත් අපි දැක්කා රජය ඒ සඳහා අවශ්‍ය අත්‍යාවශ්‍ය සෞඛ්‍ය උපකරණ, ඖෂධ ලබානොදුන්නට වෘත්තීය සමිති මර්දනය කරන්න අත්‍යාවශ්‍ය සේවා කරලා සෞඛ්‍ය සේවාව ගැසට් මඟින් ප්‍රකාශයට පත් කළා. රජයක් සෞඛ්‍ය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස හඳුනාගෙන ගැසට් පත්‍රයක් ගහනවා නම් රජයට පුළුවන් වෙන්න ඕනේ අත්‍යාවශ්‍ය දේවල් තියෙන බව තහවුරු කරන්න.”