29 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරට ගොඩගන්න නම් හර්ෂ ද සිල්වා ජනපති කළ යුතුයි

රට ගොඩගන්න නම් හර්ෂ ද සිල්වා ජනපති කළ යුතුයි

රට මේ වන විට මුහුණ දෙන තත්ත්වයෙන් ගොඩඒමට නම් පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂද සිල්වා ජනපති ධුරයට පත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසයි.

හර්ෂ ද සිල්වා ආර්ථික විශේෂඥයෙක් බවත් ඔහු නව මාවතක් ගොඩ නගනු ඇති බවත් හරීන් ප්‍රනාන්දු එහිදී සඳහන් කළේය.

එමෙන්ම තමන් වසරක කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප ලබා නොගෙන රටට ආදර්ශයක් ලබා දෙන බවත් පාර්ලිමේන්තු ආපනශාලාවෙන් ආහාර ලබා නොගන්නා බවත් ප්‍රකාශ කළේය.

ජනතා ඉල්ලීම්වලට සවන් නොදෙන්නේ නම් ජනතාව නුදුරේදීම පාර්ලිමේන්තුව වටලනු ඇති බවටත් ඔහු අනතු ඇඟවීය.