― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsBusinessරත්තරන් මිල හදිසියේම පහළට

රත්තරන් මිල හදිසියේම පහළට

කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ රත්‍රං මිල ගණන්වල කැපී පෙනෙන පහළ යාමක් අද (06) වාර්තා වෙයි.

ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල රුඉයල් 175,800ක් සහ කැරට් 24 රත්‍රං පවුමක මිල රුපියල් 190,000ක් ලෙසින් සටහන්ව ඇත.

පසුගිය සතියේදී හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ මිල ගණන්වලට අනුව කැරට් 22 රන් පවුමක මිල රුපියල් 195,000 දක්වා සහ සහ කැරට් 24 රත්‍රං පවුමක මිල රුපියල් 205,000ක් දක්වාද ඉහළ ගොස් තිබේ.

කෙසේවෙතත් එම මිල ගණන්වලට ද අලෙවිය සඳහා රත්‍රං නොමැති බව බොහෝ වෙළෙඳසැළ්වලින් කළ විමසීම්වල දී අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් අද දෙරණ ඹිz කළ විමසීමක දී ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රකාශකයෙකු කියා සිටියේ, පසුගිය දින කිහිපය තුළ රත්‍රං මිල සීඝ්‍රයෙන් ඉහළ යාම, වෙළෙඳපොළේ හිඟයක් නිර්මාණය කරමින් කෘතිමව සිදුවූ දෙයක් බවයි. එම මිල ගණන්වලට මිල දී ගැනීම සඳහා පාරිභෝගිකයන්ගේ උනන්දුවක් නොමැති වීම හේතුවෙන් වෙළෙඳපොළ බලවේග අනුව මිල පහළ යාමක් සිදුව ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.