27.8 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalහමුදා සෙබළුන්ට පොලිසියෙන් පහරදීම අනුමත කරන්නේ නෑ

හමුදා සෙබළුන්ට පොලිසියෙන් පහරදීම අනුමත කරන්නේ නෑ

ඊයේ (05) අංක තහඩු නැති යතුරු පැදිවලින් පාර්ලිමේන්තු මාර්ගයට යුද හමුදා සෙබළුන් පැමිණීමේ සිද්ධිය පිළෛබඳව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීය.

සරත් ෆොන්සේකා එහිදී කියා සිටියේ අදාළ යතුරු පැදිවල පැත්තෙන් අංක තහඩු ප්‍රදර්ශනය කරන බවත් එම අවස්ථාවේදී හමුදා සොල්දාදුවන් නතරකොට ප්‍රශ්න කිරීමට පොලිසියට අයිතිය ඇති මුත් පොලිසිය හමුදා සොල්දාදුවන්ට පහරදීම තමන් අනුමත නොකරන බවත්ය.

හමුදා සෙබළුන් පොලිසියට පහර දුන්නත් තමන් එයද අනුමත නොකරන ස්ථාවරයේම සිටින බවත් හෙතෙම එහිදී අවධාරණය කළේය.

එහෙත් එම ස්ථානයට හමුදා සෙබළුන් පැමිණීම තමන් අනුමත නොකරන බව පැවසූ ෆීල්ඩ මාෂල් සරත් ෆොන්සේකා පැවසුවේ ඊට හේතුව එම අවස්ථාවේදී හමුදා සෙබලුන් අත තිබූ අවියක් උදුරාගෙන යම් අයකුට අපරාධයක් කිරීමට හැකියාව තිබු බවයි.