― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNews08 වැනිදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්

08 වැනිදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්

අප්‍රේල් 08 වැනිදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට නිරත වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු රවී කුමුදේශ් පවසයි.

ජනතාවගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දී ඒවාට නිසි පිළිතුරක් ලබා දෙන්නැයි ආණ්ඩුවට බල කරමින් මෙම වැඩ වර්ජනයේ නිරත බව ඔහු අවධාරණය කළේය.

“ජනතාවගේ හඩට කන්දීලා, දැන්වත් ශිෂ්ඨ සම්පන්න තීරණවලට එන්න බල කරමින්, අප්‍රේල් 8 සමස්ථ රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරනවා. ඒකටත් ප්‍රතිචාර නැත්නම් ඇඛණ්ඩ වර්ජනයකට වෘත්තීය සමිති ව්‍යාපාරය විදිහට අපි සූදානම්. ජනතා පීඩාව ඉවර කරන්න ජන හඩ ජයග්‍රහණය කරවන්න සිදු කරණ ඒ වර්ජනයේදී අපි රෝහල් සේවාව කඩා වැටෙන්න දෙන්නේ නෑ. රෝගීන්ගේ සේවාවන් ආවරණය කරන ගමන් අපි ඒ වර්ජනයට සහය දක්වනවා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ගෙදර යන්න කියන්නේ ඔහුට දේශපාලනික ව ඇති විරෝධය නිසාම නෙවේ. ඔහුට චන්දය දීලා, ඔහුව විශ්වාස කරලා ජනධිපති පුටුවේ ඉන්දවපු බහුතරයක් අද පාරට බැහැලා ‘ගෝ ගෝටා හෝම්’ කියන්නේ තරහටම නෙවේ.
ඔහුගේ වැඩපිළිවෙල අසාර්ථක බව ඔප්පු වෙලා තියන නිසා. ඒ අතර ජොන්ස්ටන් වගේ ඇමතිවරු ඔහුව පාර්ලිමේතු යවපු ජනතාවටම චැලෙන්ජ් කරනවා, අපි යන්නේ නෑ, අපි මුහුණ දෙනවා කියලා. ඒක චන්ඩිකමක් නෙවේ. තවම ශිෂ්ඨ විදිහට තීරණාරගෙන, අවසාන අඩියට වැටිලා තියන රට ගැනවත් හිතන්න වුවමණාවක් නැති බව ප්‍රදර්ශනය කිරීමක්.

අද සෞඛ්‍ය ඇමති කෙනෙක් නෑ. ඒත් පැය විසිහතරකින් මාර්ග සංවර්ධන ඇමතිව යලි පත් කරනවා. ඇයි ඒ? ගසා කන්න පුළුවන් අන්තිම සල්ලි ටිකත් පිල්ලි ගහන්න ඕනේ නිසා.”